http://mbimb.org/wp-content/uploads/2022/09/cropped-Hearts.png
My Body Is My Body Foundation

Sinhala-මා සිරුර මා සතුයි

මම කැමතියි ඔබලාට හදුන්වා දෙන්න “මා සිරුර මා සතුයි යන වැඩසටහන”. මෙය ගීතමය අයුරින් ප්‍රාණවත් ආකාරයට ඉදිරිපත් කරන ළමා අපයෝජන වැලැක්වීමේ වැඩසටහනක්. සමාජයේ ප්‍රසිද්ධියේ කතා කරන්නට මැලි වන මේ මාතෘකාව පිළිබඳව කලින් සඳහන් කල පරිදි වෙනස්ම අයුරකින් දැනුවත් කිරීම අපගේ අදහසයි.
ළමා අපයෝජන වල ප්‍රතිඵල; එයට ගොදුරු වූ ලමයාට මෙන්ම සැලකිය යුතු ලෙස සමාජයටත් බලපෑමක් ඇති කරයි. මෙය වැලැක්වීමට හෝ අඩු තරමේ මේ වනවිටත් අපයෝජනයට ලක්වෙන දරුවෙක් එයින් ගලවා ගත හැකි හොඳම මග නම් අධ්‍යාපනයයි. එමගින් ඔවුන්ට තමන් ආරක්ෂා වීමට කල යුතු දේ පිළිබඳව දැනුමත්, සිදුවීමක් සිදු වූ විට දැනුම් දිය යුත්තේ කාටද යන්න පිළිබඳව දැනුමත් ලබා දෙයි. එය ඔවුන්ට මහත් උදව්වකි.

මුලින්ම අපට ඔවුන්ට “ශරීරය ආරක්ෂා කරගැනීම” පිළිබඳව කියා දිය හැකි ය. ඒක තමයි වඩා හොඳ. මම මේ වැඩ සටහන ඇමරිකා එක්සත් ජනපදයේ ලමුන් 1,350,000 කට අධික පිරිසකට ඉදිරිපත් කර තියෙන නිසා දන්නව මේ වැඩසටහන වයස අවුරුදු 3 න් ඉහල ළමයි සදහා ඉහල සාර්ථකත්වයකින් ක්‍රියාත්මක කල හැකි බව.

මා සිරුර මා සතුයි වැඩසටහනේ ලස්සනම දේ තමයි ඕන කෙනෙකුට ඒක දරුවන් හට කියලා දිය හැකි වීම. සමාජ සේවකයින්ට, දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වන්නියන්ට, දෙමාපියන් ට, පාසල් විෂය භාහිර වැඩසටහන් පවත්වන්නන්ට ක්‍රීඩා සමාජ පවත්වාගෙන යන අයට, හා මෙකී නොකී ඕන කෙනෙකුට මේ වැඩසටහන ඉදිරියට කල හැකිය. මේක සරල, අමතක නොවන, ළමා අපයෝජන ගැන කතා කරන මං අරඹන එනිසාම ඉතාමත් වැදගත් වැඩසටහනක්.

“ඔබේ දරුවා සමග ළමා අපයෝජන ගැන කතා කිරීම අරඹන්නේ කෙසේ ද? ”
ළමා අපයෝජන ගැන කතා කරන එක ගොඩක් වැඩිහිටියන් අකමැති දෙයකි. එබැවින් මේ පිළිබඳව කුඩා දරුවන් සමග කතා කිරීමට සිතීම පවා නිශ්ඵල, හා කලකිරීමට පත්විය හැකි දෙයක් විය හැකිය. මේ වැඩසටහනේ ඇති විනෝදාත්මක ගීත වැඩිහිටියන් ළමයි සමග මේ පිළිබඳව සරලව හා ධනාත්මකව එක්ව කතා කිරීමට ඉඩ හසර සලස්වනවා.
සංගීතය කුමටද ?

කුඩා දරුවන් අන්තර් ක්‍රියාකාරී බැවින් ඔවුන්ට වඩා වැදගත් මතක තබා ගත යුතු පණිවිඩ ඉගැන්වීමට හැකි මාහැඟි ක්‍රමයකි ගීත. “ජර්නල් ඔෆ් මියුසික් තෙරපි” කියන සගරාවේ ප්‍රකාශිත ළමුන් සම්බන්ධ වාර්තාවක් අනුව පෙනී යන්නේ වඩාත් ධනාත්මක ස්වීයත්වය , ආත්ම ගෞරවය, හා ආත්ම විශ්වාසය ඉහල නංවන නව ගීත ළමයින්ට තමන් ගැනම ධනාත්මකව සිතීමට උදව් කරන බවයි.

මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ කෙසේද?
:විනෝදාත්මක බව රැකීම.
මෙම ගීත විනෝදාත්මක හා ධනාත්මක කාටුන් චරිතයකින් යුතුය. මෙහිදී අප හදුන්වා දෙන සින්දු කියන, හස්තමය සංඥා ,නර්තන හා මෙම පණිවුඩ මතක සිටුවීමට ඕන දෙයක් සිදුකරන මේ චරිතයේ නම් “සින්ති”ය.
සරල බව රැකීම
කුඩා දරුවන් ළමා අපයෝජනේ බරපතල බව පිලිබදව කිසිත් නොදනී. එබැවින් අප ඔවුන්ට දෙනව සරල නීති කීපයක්.
කවුරුවත් ඔබට රිදවිය යුතු නෑ.
කවුරුවත් ඔබගේ පුද්ගලික අවයව ස්පර්ශ කල යුතු නෑ.
කවුරුවත් ඔබගේ පුද්ගලික අවයව වල ජායාරූප ගත යුතු නෑ.
ඔබට ගැටලුවක් ඇත්නම් කාටම හරි කියන්න.
ඔබට කවුරුහරි රිදවනවd නම් හෝ ඔබව අනවශ්‍ය ලෙස ස්පර්ශ කරනව නම් හංගන්න එපා කාට හරි කියන්න.
ඔබට හිරිහැර කරනව නම් හංගන්න එපා කාට හරි කියන්න.
ධනාත්මක බව රැකීම.
මෙහි ප්‍රධාන අරමුණ තමයි දරුවන් දැනුමෙන් සන්නද්ධ කරන එක. එතකොට ඔවුන්ට පුළුවන් තමුන්ගේ ශරීරය ගැන ධනාත්මකව හා ආරක්ෂාකාරීව සිතන්නටත් ගැටලුවක් ඇත්නම් කාටම හරි කියන්න.
මේ අපේ වැඩසටහන පිළිබඳව එවූ අදහස් කීපයක්.
“පෞද්ගලිකව මම කවදාවත් අපයෝජනයට ලක් වෙලා නෑ. නමුත් මගේ බාල සහෝදරිය, ඇයට වූ අතවරයක් පිළිබඳව අම්මාට කීවා, ඔබලාගේ මේ වැඩසටහන දැකීමෙන් පසු.”
“— මේ වගේ අවුරුදු 5ක දරුවෙකු ගෙන් ලද චිත්‍රයක් වැඩිදුර විමර්ශන කටයුතු වලට යොමු කලා.
මම සැම විටම යෝජනා කරන්නේ ඔබලා ළමයින්ට හිටගෙන සින්දු කියන්න පෙළබවිය යුතු බවයි. එවිට ඔවුන් ඉදගෙන සිටින විටදීට වඩා වැඩි අවධානයක් යොමු කරයි. එවිට හස්ත චලන වලටත් වඩා ලේසියි.

With special thanks to Sanjeeva de Mel and his team at SERVE for helping with the translations and organising the volunteers for the recordings.
Songs were sung by Kruthya Ratnayake, and introductions by Shenaya de Mel. 

Hearts

The Songs

Song 1

මේ මගේ සිරුර - ගීතය 1

"

වීඩියෝවේ සින්ති ගේ වදන්. හෙලෝ මගේ නම සින්ති. මම අද මා සිරුර මා සතුයි කියන වැඩසටහන ඉදිරිපත් කරන්නයි යන්නේ. තමුන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට අවශ්‍ය දේ විනෝදයෙන් ඉගෙන ගනී යයි බලාපොරොත්තු වෙනවා. ඔයාලා දන්නවා අපේ සිරුර විශේෂ බව හා කාටවත් එය අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමට හෝ රිදවීමට අයිතියක් නැති බව. අපහසුතාවට පත්වන කිසිවක්, කිසිවෙක් නොකල යුතු බව හේතුව මගේ සිරුර මට විශේෂයි. දැන් අපි යන්නේ පලමු සින්දුව කීමටයි. මට ඕන ඔයාලත් මාත් එක්ක මේ සින්දුව කියන්න.

"

Song 2

වැරදි කියලා හිතෙනවා නම් - එපා ඒක කරන්න!! - ගීතය 2

"

වීඩියෝවේ සින්ති ගේ පද. අපි දැන් ඊළඟ ගීතය සමග විනෝද වෙන්න යන්නේ. ඒකෙදී ඉතා වටිනා නීතියක් කියලා දෙනවd. මතක තියාගන්න ඒක තමයි – වැරදි කියලා හිතෙනවා නම් – එපා ඒක කරන්න මම කතා කරන්න යන්නේ ඔයාගේ ඉස්කෝලේ වැඩවත් කාමරේ අස්කරනව වගේ වැඩවත් ගැන නෙවෙයි. මං කියන්නේ කවුරු හරි කෙනෙක් ඔයාව එයා එක්ක කොහේ හරි ගෙනියන්න හදනව නම්, ඔයාට හිතෙනවා නම් ඒක වැරදියි කියලා ඒක කරන්න එපා. නැත්නම් කවුරු හෝ ඔයාට කියලා ලජ්ජා හිතෙන දෙයක් කරගන්න හදනවා නම් ඒක කරන්න එපා.

"

Song 3

ගීතය 3

"

වීඩියෝවේ සින්ති ගේ වදන් දැන් අපි යන්නේ “මෙහෙම වුණොත් “ සෙල්ලම කරන්න. මෙහි දී අප ඉගෙන ගන්නේ ආගන්තුකයෙක් අපට එයත් එක්ක යන්න පොළබවා ගන්න හදනවා නම් ඔයාගේ පුද්ගලික අවයව ස්පර්ශ කිරීමට හදනවා නම් මොකද කරන්නේ කියලා. ඔයා දන්නවා ද ඔයාගේ පුද්ගලික අවයව තියෙන්නේ කොහෙද කියලා? ඒවා ඔයාගේ යට ඇඳුම් වලින් වැසී ඇති තැන් ය. කවුරුත් ඒවා ඇල්ලිය යුතු නෑ. ඔයා ගොඩක් පුංචි කාලේ අම්මා හරි තාත්තා හරි ඔයාව නාවද්දී ඒවා අල්ලන සිදු වෙයි. නමුත් ඒ හැර වෙනත් කිසිම කෙනෙක් ඔයාව ඇල්ලීම වැරදියි. ඉක්මනින් ඔයත් ඉගෙන ගනියි තනියම නාන්න. තවද ඔයාට අසනීප නං හරි තුවාල වෙලා ඉන්නවා නම් හරි අම්මාට, තාත්තාට හරි දොස්‌තර කෙනෙකුට හරි ඒ තැන් වලට බෙහෙත් දාන්න වෙයි. අපි දැන් බලමු ගෙදර ඉන්න කෙනෙක් හරි පවුලේ සාමාජිකයෙක් අපිව අපහසුතාවට පත් කරනවා නම් හරි අපිට රිදවනවd නම් හරි මේ සෙල්ලමේ ඔයාට තියෙන එකම දේ “එපා “ කීමයි. ඉතින් මේ සින්දුව ලස්සනට හයියෙන් කියන්න.

"

Song 4

ඔයාට ප්‍රශ්නයක් තියෙනවd න - ගීතය 4

"

වීඩියෝවේ සින්ති ගේ වදන් කවුරු හෝ ඔයාට රිදවනවd නම් හරි අනවශ්‍ය ලෙස ස්පර්ශ කරනවd නම් හරි කාට හරි කියන එක ඉතාම වැදගත් දෙයකි. ඔයාට බය හිතුනත්, ලජ්ජා හිතුනත් ඔයා ඉතාමත් නිර්භීත වී කාට හරි කියන්න ගොඩක් කට්ටිය ඉන්නවා. අම්මා, තාත්තා, ආච්චි, සීයා, නැන්දා, මාමා, ග=රුවරු, විදුහල්පතිත=මා, මුල්ගුරුතූමා, හෝ වැඩිමහල් සහෝදරයෙක්, සහෝදරියක්, අසල්වැසියෙක්, පාසල් හෙදිය, පොලිස් මාමා/නැන්දා, යහලුවන් ගේ මව්පියන් වගේම ඔයාට ඉන්න විශ්වාස කල හැකි ඕනෑම කෙනෙක්. ඔයා කිව්වාට පස්සේ එයාල විශ්වාස නොකරනවා නම්, සමහර විට ආය කාටවත් කියන්න එපා කියලා කියයි. – නමුත් එතකොට ඔයා ගිහින් කාටම හරි කියන්න . ඒ විදියට ඔයාව විශ්වාස කරන කන් හැමෝටම කියන්න. කවදාවත් අත්හරින්න, එපා.

"

Song 5

මෘදුයි ආදරය - ගීතය 5

"

වීඩියෝවේ සින්ති ගේ වදන් අපි ආදරය ගැන කතා කරමු. ආදරය ලැබීම ඉතා වැදගත් ය. ඔයාට ආදරය නොකරන අය ඔයාට රිදවනවd, අපහසුතාවට පත් කරනවා ආදරය කරන අය ඔයාට කතන්දර කියලා දෙනවා, ඔයත් එක්ක සෙල්ලම් කරනවා, විනෝද වෙනවd, ඇවිදින්න එක්ක යයි, බයිසිකල් පදින්න පුරුදු කරයි. ආදරය යනු සැලකීම හා බෙදා හදා ගැනීමයි. දෙමාපියන් හා රැක බලා ගන්නියන් අපිව බලා ගන්න බව තහවුරු කරයි, කෑම කවයි, නාවයි ඇදුම් හෝදා දෙයි, අසනීප වූ විට දොස්‌තර ළඟට ගෙනියයි, අපිට රැකවරණය ලැබීම අත්‍යවශ්‍යයි. එවිට අපට සතුටින් හා ශක්තිමත්ව සෞඛ්‍ය සම්පන්නව වැඩීමට පුළුවන්.

"

Song 6

රහස් එපා යැයි කියන්න - ගීතය 6

""

cropped-cropped-Hearts.png

Signs of Child Abuse

ළමා අපයෝජනේ දර්ශක.
පහත දැක්වෙන්නේ අපයෝජනයේ හා නොසලකා හැරීමේ ලක්ෂණයි. ඔබ මේවායින් එකක් හෝ කිහිපයක් ළමයා තුළ දකී නම් හෝ ළමයා ඔබට තොරතුරු එලි කරයි නම්:

1.කලබල නොවී ඉන්න. තොරතුරු දෙන්න කියල ළමයාට බල නොකරන්න.
2.ළමයාව සනසන්න, තොරතුරු බෙදාගත්තට ස්තූති කරන්න. අදාල අංශ (ජාතික ළමාරක්ෂණ අධිකාරිය) දැනුවත් කරන්න.
3.මතක තියාගන්න, ඔයා සංසුන් හා උපකාරී කියා සිතෙන තරමට ම දරුවා ඉතා කුඩා තොරතුරක් පවා දෙයි .

පහත දැක්වෙන්නේ ළමා අපයෝජන වල ලක්ෂණයි. ළමයා මේවා ගෙන් එකක් හෝ කිහිපයක් දක්වනවා විය හැකි ය. මෙය මාර්ගෝපදේශයක් පමණි. පැහැදිලිව දැකිය හැකි වෙනස්කම් දරුවාගේ හැසිරීමේ පේන්න ඇත්නම් කරුණාකර පහත දැක්වෙන කරුණු වලින් එකක් හෝ අදාලද බලන්න.

ශාරීරික අපයෝජනයේ ලක්ෂණ:

ළමයා ගේ පෙනුම:

*අසාමාන්‍ය පහරවල් තැලීම්, කැලැල්, පිළිස්සුම් තුවාල, අස්ථි බිදීම්.
*හැපීම් සලකුණු.
*නිතර නිතර සිදු වන හදිසි අනතුරු.
*අනතුර හා ඊට අදාල විස්තරය නොගැලපේ නම්,
*දිගු අත් ඇති ඇදුම් අදිනවා නම් හෝ ගොඩක් ඇග වැහෙන ඇදුම් අදිනවා නම්.

ළමයාගේ හැසිරීම:

*අකීකරු, කටයුතු කිරීමට අපහසු වීම.
*අසාමාන්‍ය ලෙස ලැජ්ජා වීම, අනිත් පුද්ගලයන් මග ඇරීම.
*සතුටු කිරීම ඉතා අපහසු වීම, අවුලෙන් සිටීම.
*දෙමාපියන්ට බය වීම.
*දෙමාපියන්ගෙන් වෙන් වීමට දුකක් නොවීම හෝ පොඩි දුකක් පමණක් පෙන්වීම.

නොසලකා හැරීමේ ලක්ෂණ:

ළමයා ගේ පෙනුම:

*සනීපාරක්ෂාවේ අඩුකම, අපිරිසිදු කොණ්ඩය, ඇගෙන් එන දුගද.
*වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය සේවා ලබා ගත යුතු තත්ත්වයක සිටීම.
*කාලගුණ තත්ත්වයට නොගැලපෙන ඇදුම් පැළදුම්.

ළමයා ගේ හැසිරීම:

*නිතරම වෙහෙසකාරී බව, ශක්තියක් නැති බව, කම්මැලි බව.
*සිඟමන් යැදීම , කෑම සොරකම් කිරීම.
*නිතර නිතර පාසල් ඒමට පරක්කු වීම හෝ පාසල් නොපැමිණීම.
*ගරු සරු නැති හැසිරීම .
*ආත්ම අභිමානය අඩු වීම.

චිත්තවේගී අපයෝජනේ ලක්ෂණ:

පෙනුම:

*මේ අපයෝජනේ දී අනිත් අපයෝජන වලට වඩා පිටට පෙනෙන ලක්ෂණ අඩුය. මෙය හදුනා ගත හැකි හොඳම මග ළමයා ගේ හැසිරීමයි.
*යාලුවන් ගෙන් හෝ සමාජයේ අනිත් අය ගෙන් ඈත් වී සිටීම.
*නිතර නිතර පාසල් ඒමට පරක්කු වීම හෝ පාසල් නොපැමිණීම.
*ස්වයං අභිමානය අඩුවීම
*ගරු සරු නැති හැසිරීම.
*පාසලේ අධ්‍යාපන කටයුතු අඩාල වීම.

ලිංගික අපයෝජනේ ලක්ෂණ:

පෙනුම:

*ඉරුණ, ලේ තැවරුණු හෝ දුර්වර්ණ වූ යට ඇඳුම්.
*ලිංගික අවයව වලින් රිදීමක් හෝ කැසීමක් දැන්වීම.
*ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් තිබීම.

ළමයා ගේ හැසිරීම:

*ලිංගික හැසිරීම් හෝ දැනුම මේ වයස් වල ළමුන් සදහා නුසුදුසුයි.
*අනිත් ළමයින්ව ලිංගිකව ඇල්ලීම.
*හැසිරීමේ ක්ෂණික වෙනස
*වෙන පුද්ගලයෙකු විසින් (ආදරයෙන්) ස්පර්ශ කිරීමට දක්වන අකමැත්ත.

ඔබ ළමා අපයෝජනයක් ගැන සැක කරනව නම්, ළඟම ඇති ළමා ආරක්ෂක අධිකාරී කාර්යාලයට දන්වන්න. ළමයා කරදරයක සිටී නම් ඔවුන් ඔබට සවන් දී ඔබ වෙනුවෙන් ළමයා සදහා ගත යුතු පියවර ගනී.
අපි ළමයාව සුරක්ෂිතව තබමු. !!!

MBIMB General 1

ළමුන් ඇසූ ප්‍රශ්න කීපයක්

ප්‍රශ්නය: ඇයි මිනිසුන් ළමයින්ව රිදවන්නේ?
පිළිතුර: හේතු කීපයක් තිබිය හැකිය, සමහර පුද්ගලයන් ඔවුන්ගේ ළමා කාලයේදී අපයෝජනයට ලක්වී සිටියා විය හැකි ය. දැන් ඔවුන්ට ඕන එම චක්‍රය ඉදිරියට ගෙන යාමට වෙන කාටහරි කරදර කරන්න. සමහරු මත්පැන්, මත්ද්‍රව්‍ය ගෙන හෝ තරහd ගිහින් ඉන්නවා විය හැකි ය. මතක තබා ගත යුතු වැදගත්ම දේ ළමයින්ට හිරිහැර කිරීම වැරදියි කියලා. ඒක තමයි ඔයගොල්ලෝ කාටම හරි කීම වැදගත් වන්නේ. එතකොට ඔයාලට උදව් ලබා ගත හැකි ය.

ප්‍රශ්නය: ඇයි මිනිසුන් ළමයින් ගේ පුද්ගලික අවයව ස්පර්ශ කරන්නේ?
පිළිතුර: මෙතනදීත් ප්‍රධාන හේතු කීපයක් තිබිය හැකිය. ගොඩක් වෙලාවට ඔවුන් ළමා කාලයේදී අපයෝජනයට ලක් වෙලා විය හැකි ය. කාටහරි පැවසීම වැදගත් කියන්නේ ඒකයි. එතකොට ඒ පුද්ගලයන්ට නිවැරදි ප්‍රතිකර්ම ලබා දී යහමඟට ගත හැකි ය. ඉන් පසු ඔවුන් තවදුරටත් ළමයින්ට හිරිහැර කරදර, නොකරයි.

ප්‍රශ්නය: මම කාටහරි කිවිවොත් සිද්ධ වෙන්නේ මොකක්ද?
පිළිතුර: ඔවුන් එවිට නීති අංශ වෙත පැමිණිලි කල යුතුය. දරුවෙක් අපයෝජනයට ලක් වෙනවා කියලා. එවිට අදාල අංශ විසින් නිවසට පැමිණ නිවැසියන් සමඟ කතා කර, නිවස දරුවාට ජීවත් වෙන්න සුදුසු ද කියා බලයි. නුසුදුසු නම් සුදුසු තැනකට යවයි.

ප්‍රශ්නය: මම එපා කියලා කිව්වත්, ඔවුන් නවත්වන්නේ නැත්නම් මොකද කරන්නේ?
පිළිතුර: ඔබ දන්නවා නම් උදව් කල හැකි කෙනෙක් ළඟ පාතක ඇතැයි කියලා, හයියෙන් කෑ ගසන්න. කාටහරි ඇසේ නම් ඔබට උදව් කිරීමට එයි. නැත්නම් ආරක්ෂාකාරී අවස්ථාවක් ලැබුණු විගස ගිහින් කාටහරි කියන්න.

ප්‍රශ්නය: මම කාටහරි කිවිවොත් මට හරි මගේ පවුලේ කෙනෙකුට හරි කරදර කරනවා කියලා බය කලොත්?
පිළිතුර: ළමා අපයෝජකයන්ට තමා කරන දේ සමාජයෙන් වසන් කිරීමට අවශ්‍යයයි. එබැවින් ඔබට හරි පවුලේ කෙනෙකුට හරි තර්ජනය කර රහසක් ලෙස තබා ගැනීමට උත්සාහ කරයි. ඔබ නිර්භීත වී කාට හරි කීම අත්‍යවශ්‍යයි.

ප්‍රශ්නය: පවුලේ සහෝදරයෙක් හරි සහෝදරියක් විසින් අපයෝජන කරයි නම්?
පිළිතුර: දෙමාපියන්ට කියන්න. ඔවුන් විශ්වාස නොකරයි නම් පාසලේ කාට හරි හෝ ඉහත සඳහන් කල විශ්වාස කරන පුද්ගල ලැයිස්තුවේ කාට හරි කියන්න.

ප්‍රශ්නය: මම කාටහරි කිවිවොත් ඔවුන්ට තරහ යයි ද?
පිළිතුර: හැමවිටම නැති නමුත් සමහර විට තරහ යා හැකි ය. නමුත් ඔබ නිර්භීත වී කිව යුතුය. එවිට ඔවුන් ඔබේ පුද්ගලික අවයව ස්පර්ශ කරන එක නවත්වයි.

Translate Our Website »